spot_img
spot_img

නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන්න පොලීසියට උපදෙස්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය , පාස්කු ප්‍රහාරය ඇතුළු පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය, බැඳුම්කර නිකුතුව, ලලිත් – කූගන් අතුරුදන්වීම ඇතුළු සිද්ධි 7ක් ගැන මෙලෙස විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා.

අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ.

දැනට පවතින විමර්ශන කඩිනම් කිරීමටත් ප්‍රගතිය ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...