spot_img
spot_img

කුරුණෑගල පැවැත්වූ රුසියානු හමුදා සම්මුඛ පරීක්ෂණයක් ගැන විමර්ශනයක්



රුසියානු නියෝජිතයෙකුගේ අධීක්ෂණය යටතේ හිටපු හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල නගරයේ ශාලාවක විදෙස් රැකියා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ ස්ථානයට පොලිසිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පැමිණි අවස්ථාවේදී අනාවරණ වී ඇත්තේ මෙම සම්මුඛ පරීක්ෂණය එම කාර්යාංශයේ අනුමැතියකින් තොරව පවත්වා ඇති බවයි.
එය කුලී පදනම මත ලබාදෙන අතර ඊයේ දිනයේ එම ශාලාව කුලී පදනම මත ලබාගත් රුසියානු නියෝජිතයෙකුගේ සහ ශ්‍රී ලාංකික නියෝජිතයෙකුගේ අධීක්ෂණය යටතේ විදෙස් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පසුව ඒ පිළිබඳව සැකසිතී ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් අනුව එම ස්ථානයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මෙම විදෙස් රැකියා සම්මුඛ පරීක්ෂණය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියෙන් තොරව පැවැත්වූවක් බවයි.
අදාළ නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී සම්මුඛ පරීක්ෂණය පවත්වමින් සිටි රුසියානු සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා වයඹ පළාත නියෝජනය කරමින් පිරිමි පුද්ගලයින් පමණක් මේ සඳහා පැමිණ ඇති අතර, ඔවුන් බහුතරයක් හිටපු යුද හමුදා සාමාජිකයින් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...