අතීතයේ මාක්ස්ගේ සහ ලෙනින්ගේ සෑදුණු මාක්ස්වදය,ලෙනින්වාදය ආකාරයට වර්තමානයේදී මහින්දවාදී චින්තනයක් රටේ සෑදී ඇති බව තිස්සකුට්ටි ආරච්චි මහතා පවසනවා.
එනම් මහින්දවාදය, මහින්ද චින්තනය යන අපේ කදවුරේ වගකීම දැරීමට සහ කටයුතු කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා බවයි ඔහු පවසන්නේ.
පියාගෙන්ම පැමිණි ජානවලින් ක්‍රියා කිරීමට හැකි වන්නේ පුතාට පමණක් බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට කරගෙන යාමට සුදුසුම අපේක්ෂකයා නාමල් රාජපක්ශ මහතා බවට විශ්වාස කරන බවත් ඒ මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා අත්දැකීම් අඩු කෙනෙකු බවට සමහර පුද්ගලයින් පවසන බවත් ඔහු ජාත්‍යන්තරය ජයගන්නේ කෙසේදැයි යන්න විවිධාකාර ප්‍රශ්න ඉදිරිපත් කරන බවත් තිස්සකුට්ටි ආරච්චි මහතා සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්සකුට්ටි ආරච්චි මහතා;
“මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණීයම පුත්‍රයා ඒ ජානවලින්ම එන ඒ ලක්ෂණ තියෙන්නේ නාමල් රාජපක්ෂටනේ. ගුණදාස කපුගේ මහත්තයගේ ගීත එතුමගේ හඩින්ම කියන්න පුලුවන් පුද්ගලයා තමයි ඔහුගේ පුතා. අල්ලාජ් මොහිදින් බෙග්ගේ ගීත ඔහුගේ හඩින්ම කියන්න පුලුවන් පුද්ගලයා තමයි බෙග් මාස්ටර්ගේ පුතා. ඒ වගේම අසංක පීරිස්ගේ ගීත ඒ හඩින්ම කියන්න පුලුවන් කෙනා තමයි මේ රටේ ඉන්න අසංග පීරීස්ගේ පුතා. ඒක තමයි ජාන ලක්ෂණ කියන්නේ.
එහෙනම් මහින්දවාදී එදා මාක්ස්ගේ චින්තනය ලෙනින්ගේ චින්තනය වගේ අද මහින්ද චින්තනයක් අපේ රටේ හැදිලා තියෙනවා.එතකොට මහින්දවාදය, මහින්ද චින්තනය අපේ කදවුරට වග කියන්න පුලුවන් සුදුසුම පුද්ගලයා වැඩ කරයි කියලා හිතෙන්නේ මහින්ද රාජපක්ශ කදවුරේ ඉන්න හොඳම කෙනා තමයි මහින්ද මහත්තයගේ පුතා.ඒ ජානවලින්ම තාත්තගේ වැඩ පුතාට කරන්න පුලුවන්. නැත්නම් ගම් වල කියනවනේ නොට්ටිගේ පුතා කියලා. ඉතින් ඒ හින්දා මන් හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න සුදුසුම පුද්ගලයා නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තමයි අපිනම් විශ්වාස කරන්නේ.”




