මහනුවරින් නැවත ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම,වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
පසුගිය මහමැතිවරණයට තරඟ කළේද ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසා මිස තම කැමැත්තකට නොවන බවද ඒ මහතා කීය.
මහනුවර මහනගර සභා ශාලාවේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඡන්දය නොඉල්ලුවද දේශපාලනයේ නිරත වෙමින් අඛන්ඩව රටට වැඩ කරන බවද ඒ මහතා පැවසුවේය.
හැමදාම මැති ඇමැති තනතුරු දැරිය යුතු බවක් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයේ නැතැයිද හෙතෙම කීවේය.
ටිල්වින් සිල්වා මැති ඇමැති තනතුරු කිසිවක් භාර නොගෙන දේශපාලනයේ නිරත වන බවද ඒ මහතා පැවසුවේය.
මේ ආණ්ඩුව බලයට පැමිණියේ ජන අරගලයකින් පසුව වෙනස් වූ ජනතාවක් සමඟ පැවැත්වූ මැතිවරණයකින් බවත් එලෙස පත්වූ ආණ්ඩු පහසුවෙන් පෙරළා දැමිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.




