spot_img
spot_img

පාතාල චරිතවලට මම දිගින් දිගටම අවවාද කළා- ටිරාන් අලස්

පොලිස් නිලධාරීන්ට ගිනි අවි නිකුත් කර ඇත්තේ ඒවා සුරතල් කිරීමට නොව අවශ්‍ය විටෙක භාවිත කිරීමට බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසා තිබෙනවා.

ඒ ප්‍රජා පොලිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස රත්නපුරයේ පැවති වැඩමුළුවක් අමතමින්.

මෙහිදී ඇමැති අලස් මහතා කියා සිටියේ තමන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීමට කටයුතු කරන බවයි.

“පාතාල චරිතවලට ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා නවත්වන්න කියලා මම දිගින් දිගටම අවවාද කළා. ඔවුන් මගේ අනතුරු ඇඟවීමට අවනත වන්නේ නැත්නම්, අපි ඔවුන්ව අල්ලනවා. මෙම උවදුර තුරන් කිරීමට හැකි සෑම දෙයක්ම යොදවන ලෙස මම STF කමාන්ඩෝ භටයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම මම ඔවුන්ට දැඩිව කියා තිබෙනවා ඔවුන් තමන්ගේ කාර්යය කරන්න එහෙම නැත්නම් රස්සාව දාලා යන්න කියලා.මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් වර්ග තුනක් ඉන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහා පරිමාණ වෙළෙඳුන් ඉන්නවා. නාවික හමුදාවට සහ පොලිස් බුද්ධි අංශවලට ඔවුන් සේවීම සහ ඔවුන්ගේ ජාල බිඳ දැමීමේ වගකීම පැවරී තිබෙනවා. ඊළඟට කුඩුකාරයෝ ඉන්නවා. තුන්වැනි කණ්ඩායම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල පවත්වාගෙන යන අය. යුක්තිය මෙහෙයුමේ අරමුණ තුන්වැනි කණ්ඩායම සම්බන්ධයෙන් කටයුතු කිරීමයි ” බව අමාත්‍යවරයා පවසා තිබුණා.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ඕනෑම තොරතුරක් ලබාදී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස වැඩ භාරගත් විගස සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් හමුවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රකාශ කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...