spot_img
spot_img

මෙරට දරිද්‍රතාවය ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් අනාවරණයක්

ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇතැයි, පෙන්වාදී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව උපුටා දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණවී ඇති බවයි.

මේ වනවිට ජන ගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වාදී ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇතිවන බාධා කිරීම් විමර්ශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් තර තිබුණා.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසියේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත්කර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...