spot_img
spot_img

මහින්දයි සිරිසේනයි හෙලිකොප්ටරේ ගිය හැටි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර එකොළහක කාලයේදී මහජන මුදල් අය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවලින් ශ්‍රී ලංකාව වට අභ්‍යන්තර ගුවන්වාර 978ක් ගමන් කර තිබෙනවා

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් හමුදා මූලස්ථානය මගින් නිකුත් කරන ලද තොරතුරුවල ඒ බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයා වැඩිම ගුවන් ගමන්වාර ගණනක් ගොස් ඇත්තේ 2014 වසරේ වන අතර එය 148ක්.

රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 වසරේදී අටක් 2006 දී 62ක්, 2007 දී 71 ,2008දී 72ක්, 2009 දී 113ක්,2010 129ක් ආදී වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් ගොස් තිබෙන බවද එම තොරතුරු සඳහන් කරනවා.

හිටපු ජනපතිවරයා 2011 අවසරයේදී 128ක්, 2012 වසරේ 122ක්, 2013 දී 115ක්, 2014 දී 148ක් සහ 2015 දී දහයක් වශයෙන් අභ්‍යන්තර ගුවන් වර්ග වර්ග කර ඇතැයි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලැබුණු වාර්තාවේ සඳහන් .

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසර පහක සිය ධුර කාලයේ අභ්‍යන්තර ගුවන්වාර 11ක් ගමන් කර ඇතැයිද වාර්තා වෙනවා

ඔහු සඳහා ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කර තිබෙනවා

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ අභ්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් විස්තර තොරතුරුදැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටියද එම තොරතුරු ලබාදීම ගුවන් හමුදාව මගහැරී හෙයින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනා කළ අතර පසුව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව දුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් තොරතුරු දීම සිදුකර තිබෙනවා

රාජ්‍ය නායකයින් රට වටා අභ්‍යන්තර ගුවන් ගමන්වරවල යෙදෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කර ඇති අතර ඒ සඳහා වැය කර ඇත්තේ මහජනතාවගේ බදු මුදල් ය.

රාජ්‍ය නායකයින්ට එලෙස මහජන බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිය හැකි නම් ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය මහජනතාවට හිමිය යුතුව ඇත

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...