spot_img
spot_img

රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරිමට තීරණය කළ බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, ඉහත සදහන් වෙන් කළ මුදල රාජ්‍ය සේවකයන්ගෙ වැටුපට එක් කරන්නේ නම් එය රුපියල් 6000ක (ආසන්නව) මාසික වැටුප් වැඩිමකී.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ක්‍රමවේදය (Formula) මේ වනවිට මුදල් අමාත්‍යාංශය සකස් කර අවසන් බවත්, වැඩි කිරීමට නියමිත මුදල කොතෙක්දැයි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, අදාළ වැටුප් ඉහළ දැමීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන 2025 අයවැයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

එම අදාළ වැටුප් වැඩිවීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...