spot_img
spot_img

හොර ඡන්ද දැම්මොත් දෙන දඬුවම මෙන්න

ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනුව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතා පවසන්නේ, එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බවයි.

මෙකී චෝදනාවට වරදකරුවෙකු වන කෙනෙක්ට අවුරුදු 7ක කාලයක් ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සහ මැතිවරණයකදී ඡන්දය දීමට නුසුදුස්සෙකු වන බව සඳහන්.

මීට පෙර 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත අනුව එම දඩ මුදල රුපියල් 500ක් වශයෙන් පැවතී තිබෙනවා.

මෙලෙස දඩ මුදල් ඉහළ දමා ඇත්තේ, එම පනතට 2023දී ගෙනා ස්ංශෝධනයක් මතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...