spot_img
spot_img

කුරුණෑගල හෙල්ලු කෝටිපතියාගේ පැටිකිරිය මෙන්න

නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) දින පවරාගෙන තිබෙනවා.

එහිදී වසර 30කට ආසන්න කාලයක් තිස්සේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවෙමින් සැකකරු උපයා තිබූ රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල හා චංචල දේපොළ පොලීසියට පවරාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතුව තිබී මෙහිදී පවරාගෙන ඇති දේපොළ අතර රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනා ටිපර් රථයක්, නිකවැරටිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 ක්, නවීන නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර තුනක්, තවත් ඉදිකරමින් පවතින නිවසක් ඇති බව පොලීසිය පවසනවා.

එසේම සැකකාර ජාවාරම්කරුට වසර 15ක පමණ කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම සිදුකරගෙන යාමට සහාය ලබාදුන් පුද්ගලයෙකු සතු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී වැන් රථයක්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පවරාගෙන තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් හතලිස් වතාවකට ආසන්න වාර සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව ඉදිරියේදී කුරුණෑගල මහාධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...