spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්දව තීරණය ගැන අලුත්ම ආරංචිය මෙන්න

රජයේ තීරණය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීම බව සඳහන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (25 වැනිදා) ඉදිරිපත් කෙරේ.

විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු තුනක් පත් කරන ලද අතර එම කමිටු තුනේම නිර්දේශය වී තිබුණේ විභාගය යළි නොපැවැත්වීම ය.

එම නිර්දේශ සහ විභාගය යළි පැවැත්වීමෙන් ලබා දෙන නරක වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ද මෙම කැබිනට් පත්‍රිකාවට කරුණු ඇතුළත් කර තිබේ.

එමෙන් ම මෙලෙස ප්‍රශ්න පිට වූ අවස්ථාවන්හි මින් පෙර අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග ද ඊට ඇතුළත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමට අදාළව කරුණු සොයා බැලීම සඳහා පළමු කමිටුව පත් කළේ විභාග දෙපාර්තමේන්තුව ය.

සෙසු කමිටු දෙක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අමාත්‍යාංශයේ එවකට ලේකම් තිලකා ජයසුන්දර විසින් පත් කළා.

කෙසේ වුව ද විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින අතර ඒ අනුව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සඳහා සියලු සිසුන්ට සම්පූර්ණ ලකුණු දීමට බලධාරීන් ගෙන ඇති තීරණය අත්හිටුවමින් ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...