Sunday, February 22, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකාවේ දැනට විශාලතම බලශක්ති ව්‍යාපෘතිය මෙන්න

ශ්‍රි ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙමඟින් දිනකට ජනනය කිරීමට බලාපොරොත්තු වන විදුලි ධාරිතාවය මෙගා වෝට් 150 ක්.

මෙහි පළමු දායකත්වය 2026 වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

සූර්ය බලශක්ති අධිකාරිය සහ මහවැලි අධිකාරිය මඟින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව දක්වා තිබෙනවා.

මෙයට අවශ්‍ය ප්‍රතිපාදන විදේශීය සෘජු ආයෝජන ( FDI) සහ දේශීය බැංකු ණය හා කොටස් ප්‍රාග්ධනය දැනටමත් සපයා ගෙන තිබීම විශේෂත්වයක්.

වික්ටෝරියා හා ඉහළ කොත්මලේ විදුලි බලාගාර වලට පමණක් දෙවැනි වන මෙම ව්‍යාපෘතිය නියං කාලසීමාවන්හි දී දකුණු පළාත මුහුණ දෙන විදුලි කප්පාදුවට මෙය තිරසාර විසඳුමක් වනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් දිවා කාලයේ දී මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 20% ක් සපුරාලීමට අපේක්ෂිතයි.

2026/2027 වර්ෂයන් වලදී බලගැන්වීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා නීතිමය රාමුව යටතේ අවශ්‍ය සියලුම බලපත්‍ර සහ අනුමැතිය 2025 වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මඟින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව මෙරට බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැණුනා.

එයට අවශ්‍ය භූමිය සකස් කිරීම සහ සීමා ඉදිකිරීම් ඇතුළු මූලික මෙහෙයුම් කටයුතු සාර්ථකව අවසන් කර තිබෙනවා.

මෙහී කැපී පෙනෙන සිදුවීමක් වනුයේ වන අලින් ගම්වැදීම වැලැක්වීම සඳහා සංවේදී භූමි ප්‍රදේශ විධිමත් ලෙස කළමණාකරණය කිරීමයි.

මෙමඟින් අලි ඇතුන් ජාතික වන උද්‍යාන වෙත යොමු කිරීමද විශේෂත්වයක්.

හරිත බලශක්තියෙන් යුතු ශ්‍රී ලංකාවක් උදෙසා මෙම ව්‍යාපෘතිය මෙරට සංවර්ධනයේ නව මාවතක් විවර කරනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම...

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ප්‍රමාණවත්...

සඟ සමුළුව අද කොළඹදී

මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව ඇත. එ වර්තමානයේ...