spot_img
spot_img

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ

අද(13) සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද සිට 19 වන දින තෙක් කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්.

මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන ලෙසම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජල සැපයුම් විසන්ධි කෙරෙන ප්‍රදේශ වශයෙන්,

*කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ

*මහරගම කලාපය

*කෝට්ටේ කලාපය

එබැවින් ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට බිල්පත්වල ඇති හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මින් පෙර පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි අතර නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීමෙන් සිදුවීමට යන අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...