Saturday, June 6, 2026
spot_img
spot_img

ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට

මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මාස 03 ක කාලයක් තුළ විදේශ ගත වීමට අවසර දුන්නේය.

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යෑමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල එලෙස අවසර දුන්නේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් පෙරේරා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.

ඇලෝසියස් මහතාට ප්‍රතිකාර ගැනීමට විදේශ ගත වීම සඳහා අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලනාධීකාරියට දැනුම් දීමටද නියම කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...