spot_img
spot_img

ඉන්ධන මිල වැඩි වෙයි.. රටපුරා වැටලීම් – සඟවපු අයට වැඩ වරදීයි

කළුතර – රාත්‍රී කාලයේදී ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බව ව්‍යාජ ලෙස පවසමින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඊයේ (14) රාත්‍රියේ බේරුවල පිහිටි ඉන්ධන පිරවුම්හලක් වටලා තිබේ.

වැටලීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 6,400කට ආසන්න ප්‍රමාණයක් සඟවා තැබූ බව අනාවරණය වී ඇති අතර, පාරිභෝගිකයින්ට එම ඉන්ධන ලබාගැනීමට නොහැකි බව පවසමින් යුරෝ 3 පෙට්‍රල් පමණක් අලෙවි කර තිබුණි.

දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මෙවැනි වංචනික ක්‍රියාකාරකම් පවතින බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

පරීක්ෂාවේදී අදාළ ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ නිලධාරීන් විසින් රාත්‍රී කාලයේ ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බව පවසමින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන ලෙසට උපදෙස් දී ඇති බව ද ස්ථාන කළමනාකාරිත්වය විසින් අනාවරණය කර ඇත.

වැටලූ ඉන්ධන තොගය නිල භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව හෙට (16) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයින්ට තම අයිතිය වන ඉන්ධන ලබාගැනීමට බාධා කිරීම සහ වංචනික ලෙස වෙනත් ඉන්ධන අලෙවි කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...