spot_img
spot_img

ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි – අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

ඉන්ධන මිල වහාම අඩු කිරීමේ හැකියාවක් නොමැති බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල පහත වැටී තිබුණද, දේශීය මිල ගණන් ක්ෂණිකව සංශෝධනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අගමැතිනිය පෙන්වා දෙයි. ඇය වැඩිදුරටත් පැහැදිලි කළේ, වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ඉන්ධන තොග මිලදී ගෙන ඇත්තේ ඉහළ මිලකට බවත්, එම මිල බරින් විශාල කොටසක් දැනටමත් රජය විසින් දරා සිටින බවත්ය.

රටේ පවතින ඉන්ධන මිල රුපියල් 700ක් වැනි මට්ටමක පැවතිය යුතු වුවද, ජනතාවට එම බර සම්පූර්ණයෙන්ම පැටවීමට රජය උත්සාහ නොකරන බවත්, මිල ගණන් සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය මෙලෙස රජය විසින් ජනතාවට පැහැදිලි කර දෙනු ලැබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...