spot_img
spot_img

ස්වාධින කණ්ඩායම් හතරක් ඇප තියයි

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මේ අනුව ස්වාධීන කණ්ඩායම් මෙලෙස සහකාර මැතිවරණ කොමසාරිස් ආර්. සසිලන් මහතාගේ අධීක්ෂණය යටතේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් මෙලෙස තැන්පත් කරනු ලැබුවා.

එක් කණ්ඩායමක් හත් දෙනෙකු ගෙන් සමන්විත විය යුතු අතර මේ අනුව එක් කණ්ඩායමක් රුපියල් 14000 බැගින් ඇප මුදල් තැන්පත් කළයුතු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්.විජය කුමාර මහතා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයක් තිබුණද මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව නව දෙනෙක්.

ඒ සඳහා අපේක්ෂකයින් 12කගෙන් යුත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතු වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...