spot_img
spot_img

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 මරුට

නැගෙනහිර අප්‍රිකාව පුරා පවතින දැඩි වර්ෂා කාලගුණය නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් තවත් 236 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සාමාන්‍යයෙන් ලොව පුරා තාපය වැඩිවීම මෙන්ම නියඟය සහ අධික වර්ෂාව ස්වභාවිකව ඇති වන දේශගුණික රටාවක් වන එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ටැන්සානියාවට පවතින වැසි සමය වඩාත් නරක අතට හැරෙමින් ගංවතුර හා දැඩි සුළඟ හෙතුවෙන් මහා මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස අහිමි වී තිබෙනවා.
අධික වර්ෂාව ලබන මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට දැනුම්දී තිබෙන බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...