2024 වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර මී උණ රෝගීන් 1,882ක් හමුවී ඇති බවත් ඒ හේතුවෙන් මියගිය ගණන 22ක් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ වැළදීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස ඇහැලියගොඩ, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, ඔපනායක, නිවිතිගල, කලවාන සහ කල්තොට ප්‍රදේශ බවද සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සදහන් කළා.
මී උණ රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගන්නේ නම් වකුගඩු, හෘදය, මොළය වැනි අවයව අක්‍රීය වී මරණය පවා සිදුවිය හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් සදහන් කළා.
මී උණ රෝගය වළක්වා ගැනීමට කුඹුරු වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර රෝගය වළක්වා ගැනීමේ Doxycycline ඖෂධය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් ලබාගත හැකි බවද අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවා.
සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති මී උණ රෝගය වැළැක්වීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කරයි.




