spot_img
spot_img

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම් පැය කිහිපයකට බිඳවැටෙයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවපවසනවා.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බව අදාළ සමාගම දැනුම්දෙයි.

බ්‍රිතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම යෙදුම් බිඳවැටීම සිදුව තිබෙනවා.

මෙරට තුළද ඊයේ (11) රාත්‍රී 12 පමණ සිට පැය කිහිපයක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල බිඳවැටීම සිදුව තිබුණා

ඉතා කඩිනමින් අදාළ යෙදවුම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බව මෙටා සමාගම සඳහන් කළේය.

2021 වර්ෂයේ දී ද මෙවැනිම බිඳවැටීමක් සිදු වු අතර එහිදි පැය 6කට අධික කාලයක් අදාළ යෙදවුම් අක්‍රීයව පැවතුනා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...