spot_img
spot_img

සජබෙට ගිය මන්ත්‍රීලාගෙන් නිදහසට කරුණු අහනවා – පොහොට්ටුව

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පොදු ජන පෙරමුණ සඳහන් කර ඇත්තේ පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව, පක්ෂ විනය කඩකරමින් සමඟි ජන බලවේගයට එක් වුණු  මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් මෙලෙස කරුණු විමසීමට තීරණය කළ බවයි.

ඒ අනුව, මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.

පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

සමඟි ජන බල සන්ධානය ලෙස නව සන්ධානයක් පිහිටුවාගනිමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුම් ගත වී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...