spot_img
spot_img

පාස්කු ප්‍රහාරය ගැන විවාද එකොළහක් තියලා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් විවාද 11ක් පසුගිය වසර තුන ඇතුලත පාර්ලිමේන්තුවේදී රැස්වී පවත්වා තිබෙනවා.

ඉහත සඳහන් කළ විවාදයක් සඳහා රැස්වූ දින 11 වෙනුවෙන් රුපියල් දහතුන් කෝටි විසි ලක්ෂයක පමණ මුදලක් වැය කර ඇති බවත් සඳහන්.

එමෙන්ම එකම කරුණ සම්බන්ධයෙන් වැඩිම විවාද සංඛ්‍යාවත් පැවැත්වූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ.

එම විවාදයන් 2019 වසරේ මැයි 7, 8, 10 සහ 2021 වසරේ මාර්තු 10,25,26 දිනවල මෙන්ම එම වසරේ අප්‍රේල් 7,8,9 යන දිනයන් මෙන්ම පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 21 සහ 22 යන දිනයන්වලදී පවත්වා තිබෙනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දින තුනක විවාදයක් මෙම වසරේ අප්‍රේල් 24, 25 සහ 26 දිනවල පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...