spot_img
spot_img

විදුලි බිල 20%කින් ඉහළට?

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ ආණ්ඩුව විසින් ළගදීම විදුලි බිල සියයට විස්සකින් වැඩි කිරීමේ යෝජනාවක් සකසන බවයි. එම ක්‍රියාවට තම සංගම විරෝධය ප්‍රකාශ කරන බව සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.

ඔහු පැවසුවේ,

“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මුලින්ම ගෙනාවේ 2023 කාංචන විජේසේකර අමාත්‍යවරයා. ඉන් පස්සේ 2024 පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුණා. ඒ ප්‍රතිපත්ති දිහා බලලා එදා අනුර කුමාර දැන් ජනාධිපතිතුමා කිව්වේ මේක ප්‍රතිගාමී ජන විරෝධී පනතක් කියලා. අපි ආවම අලුත් පනතක් හදනවා කියලත් එතුමා කිව්වා. නමුත් මේ අය දැන් ඒ පනතම කර ගහගෙන යනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුලි පාරිභෝගික අපි සහයෝගය දෙනවා. මොකද මේ පනත ක්‍රියාත්මක වෙච්ච ගමන් කොටස් හතරකට කැඩුණු සමාගම්වලට ලාභය එන විදිහට තමයි කටයුතු කරන්නේ. එහෙම නැතුව දැන් තියෙන පිරිවැය ක්‍රමයට නෙමෙයි.

ඒ වගේම මේ පනතට අනුව මහජන උපයෝගිතා කොමිසමට එදා තිබුණු බලය නැතුව යනවා. එවිට විදුලි පාරිභෝගිකයන්ට පැමිණිල්ලක් කරන්නවත් තැනක් නැතුව යනවා. ඇමැතිවරයාට ඕන විදිහට මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත තමයි විදුලි බිල සකස් වෙන්නේ.

ඒක පාරිභෝගිකයට හිතකර ක්‍රමයක් නෙවෙයි. අපි ඒ නිසා විරුද්ධයි. නැවතත් සියයට විස්සක විදුලි බිල වැඩි කරන්න යෝජනා ඇවිල්ලා. අපි කියනවා මේ ආණ්ඩුවට වැඩි කරන විදුලි බිල් අපි ගෙවන්නේ නෑ කියලා. එනිසා මේක වහාම අකුල ගන්න. මේ සඳහා අපි විරෝධතා දියත් කරනවා. පළමු විරෝධතාවය දහවෙනිදා මරඳගහමුලින් ආරම්භ කරනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...