spot_img
spot_img

වැඩමුළුවකට මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (03) කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.

එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම බව රත්නායක මහතා පවසා සිටියා.

මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගන්නා බව ද සඳහන්.

මේ අතර ලබන ජුලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා පසා සිටියා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17 ත් කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...