spot_img
spot_img

එල් බෝඩ් පක්ෂවලට දැන්ම රට භාර දෙන්න බැහැ – වජිර

“එල් බෝඩ්” දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හැම විටම ඇත්ත කියන පක්ෂයක් බව කී අබේවර්ධන මහතා කවුරුන් හෝ මේ මොහොතේ බොරු කියා යන පාර වෙනස් කළොත් ඡන්දෙන් පසුව ඒ අයගේ ගෙවල් වලට ගොස් කන්න බොන්න ඉල්ලා ගන්නට ජනතාවට සිදුවනු ඇති බව පැවසීය.

රනිල් රට බාර ගෙන දේශපාලන පක්ෂ වලට බොරු කීමට නොහැකි වන ආකාරයේ පනතක් පවා සම්මත කරගෙන තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ විනය ගරුක පාරෙන් පිට පැන්නොත් රටට මාවතක් නොමැති වනු ඇති බව කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති එක්සත් ලක්වනිතා පෙරමුණේ රැස්වීමක් අමතමින්.(

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...