spot_img
spot_img

සජබ ප්‍රතිපත්තියේ පළමුවැන්න අධ්‍යාපනය

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති ⁣වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

ප්‍රේමදාස මහතා සඳහන් කළේ දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවයි.

සුහුරු රටක් ගොඩනැගීමට නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් ආණ්ඩුවට ඇත්තේ යල්පැනගිය ක්‍රමවේදයන් බව විපක්ෂ නායකවරයා පැවසුවා.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...