පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ,ඊයේ (27) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට එක්වෙමින්
ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථිරදැයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයට පිළිතුරු ලබාදුන් ධම්මික පෙරේරා සඳහන් කළේ, එසේ නොහැකි නම් තමා වැනි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කුමටද යන්නයි.




