Thursday, January 8, 2026
spot_img
spot_img

බොරුවට ඉඩ දෙන්න එපා – දුස්තොරතුරු වලට එරෙහි එකතුවෙන් ඉල්ලීමක්

ජනාධිපති අපේක්ෂකයින්ගේ මුහුණ යොදා ගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විවිධ වීඩියෝ දැනටමත් සමාජ මාධ්‍ය‍යේ සංසරණය වන තත්ත්වයක් තුළ එම වීඩියෝ සත්‍යාපනය කර එම වීඩියෝ කඩිනමින් සමාජ මාධ්‍ය‍යෙන් ඉවත් නොකරන්නේ නම් , ඉන් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑම් එල්ල වීම වැළක්විය නොහැකි බව දුස්තොරතුරු වලට එරෙහි එකතුව නිවේදනය කරනවා.

එබැවින් ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා වන අයිතිය ආරක්ෂා කරමින්, AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ සත්‍යාපනය කිරීමට දැනටමත් ඉදිරිපත් වී ඇති ආයතන සමඟ එම කටයුතු කඩිනම් සිදු කරන මෙන් දුස්තොරතුරු වලට එරෙහි එකතුව (NAD – Sri Lanka) ඉල්ලා සිටිනවා

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ හා සන්ධාන උපුටා දක්වමින්ද බොහෝ දුස්තොරතුරු ප්‍රමාණයක් ජනගත වෙමින් තිබෙන බව අප වෙත නිරීක්ෂණය වී ඇති අතර, ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල...

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු දිනයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය...

අයහපත් කාලගුණය ජීවිත 47ක් උදුරා ගනී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද...

ශ්‍රී ලංකාව ආසන්නයේ සුළි කුණාටුවක්

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු අවපීඩනය අද(27) මීට කෙටි...