spot_img
spot_img

වසරේ පළමු මාස තුනේ රාජ්‍ය ආදායම ගැන අනාවරණයක්

මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙනේ එම කාල වකවානුව තුළ රජය විසින් රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවයි.

එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවත් එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් සඳහන් කළා.

රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ 2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇති බවයි.

එමෙන්ම, රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇති බව අමාත්‍යවරයා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ 2024 වසර තුළ රජය රුපියල් බිලියන 4,106ක ආදායමක් අපේක්ෂා කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...