spot_img
spot_img

දීගොඩ කුමාර නිදොස් කොට නිදහස්

ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වනවා.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් දෙව් සුව සේවා වැඩසටහන පැවැත්වූ දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 වර්ෂයේදියි

17 හැවිරිදි රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනදී ආහාර දීමෙන් පසු එම දරුවා දැඩිලෙස රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් 2019 වසරේ සැප්තැම්බර් 7 වනදා හොරොව්පතාන මහජන ක්‍රීඩා පිටියේදී දීගොඩ කුමාර පැවැත්වූ වැඩසටහනකදී දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු අසාධ්‍යතත්ත්වයෙන් රෝහල් ගත කෙරුණා.

අම්පාර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීද ඊට සහභාගී වූ කිහිප දෙනෙකු රෝගාතුර වීමේ තත්ත්වයක් නිසා එම වැඩසටහන අත්හැර දමන්නට ද සිදුවුණා.

ඒ, ජනතා විරෝධය හමුවේයි.

මෙම සිද්ධීන් වාර්තා කළ මාධ්‍ය ආයතනවලටද විටින් විට දුරකතන ඇමතුම් මගින් තර්ජන ද එල්ල වී තිබුණා.

එහෙත් දීගොඩ කුමාර නමැත්තා එම වැඩසටහන් දිගටම පවත්වාගෙන යනු ලැබූ අතර, ඒ ජනතාව ද විශාල ලෙස රැස් කරමින්.

මෙවැනි තත්ත්වයක් තුළ 2019 වසරේම ඔක්තෝම්බර් 17 වනදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ද සංවිධානය කරනු ලැබූ විශ්ව ශක්ති වැඩසටහනක් අතරතුර එහිදී මෙම දරුවා දැඩි ලෙස රෝගාතුර වී තිබුණා.

මෙම නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ, එම වැඩසටහනේ දී ලබාදුන් ආහාර ගැනීමෙන් අනතුරුව දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි.

අසාධ්‍ය තතත්වයේ පසුවූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පිළියන්දල පොලිසිය කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියෙන් ප්‍රශ්න කළා.

දණ්ඩනීති සංග්‍රහයේ තුන්සියවැනි වගන්තියට අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහු වහාම අත්අඩංගුවට ගනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...