Saturday, May 9, 2026
spot_img
spot_img

ටැටූ දුලාන්ගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින ලකුණු

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන එම ටැටූ ආයතනයේ හිමිකරු මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවෙන් පසු මාධ්‍යට වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ සැකකරුවෙක් මාධ්‍යට මුදාහරිමින් පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති බවටයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරයා :

”මෙම නඩුවේ පළවෙනි සැකකරුවන දුලාන් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පරකාශයක් ලබාගෙන තියෙනවා. එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේදී මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණය අවධානය යොමුකළා. මාධ්‍යයේ පළවූ වීඩියෝ දර්ශන සහ ඡයාරූප අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගන්න විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. එතකොට කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් සජීවීව හෝ පටිගත කර දර්ශන මාධ්‍යට මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නෑ. පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ වෙනත් ස්ථානාධිපතිවරයෙක්ට එහෙම බලයක් ලබාදීලා නෑ. ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන්ම සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය මැදිහත් වෙලා මේ විමර්ශනවලට මැදිහත්වීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා මේ විමර්ශන පැමිණිල්ලට වගේම විත්තියටත් සාදාරණවන ආකාරයට කරන්න ඕන කියන එක තමයි අධිකරණයේදී මතුවුණේ.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...