spot_img
spot_img

මාලිමා නි.ඇමති ටීචර් අම්මාට පිටුපායි

පසුගියදා පැවති ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ආරාධිතයකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඔහුව වේදිකාවට කැඳවා සම්මාන පිරිනැමීම් සිදුකරමින් තිබුණ අවස්ථාවේ ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ නමැති සම්මානය ලබාදීමට නම් කෙරුණ හයේෂිකා ප්‍රනාන්දුට අදාළ කුසලානය ලබාදීම ප්‍රතික්ෂේප කළා.

එම අවස්ථාවේදී ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් කෙනෙකු විසින් හයේෂිකා ප්‍රනාන්දුට සම්මානය පිරිනමන ලදි.

තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට ප්‍රහාර එල්ල කිරීම හා සැඟවී සිටීම ඇතුළු පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් කිහිපයක් නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දුට මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම ගුරුවරිය යයි තවත් සම්මානයක්ද පිරිනැමුණ අතර එම සම්මානය ගැටලුවකින් තොරව පිරිනැමුනේ එම අවස්ථාවේ වේදිකාවේ සිටි සුදත් රෝහණ මහතා අතිනි.

මෙම ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේදී නිශ්චිත ක්ෂෙත්‍රයකට සීමා නොවී සියලුම ආකාරයේ ක්ෂෙත්‍ර සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් පිරිනමා තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...