spot_img
spot_img

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පළමුව වසංගත තත්ත්ව වාර්තා වූ ප්‍රදේශවලින් මේ වන විට වසංගත තත්ත්වය යම් තරමක් පාලනය වෙමින් පැවතියද නව ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්ත්ව වාර්තා වෙමින් පවතින බවය.

මේ හේතුවෙන් ඩෙංගු මර්දනය සඳහා මහජනතාව ඇතිකරගත් උනන්දුව කිසිසේත් අඩුකරගත යුතු නොවන බවද උපුල් රෝහණ මහතා මෙහිදි මහජනතාවට දැනුම් දුන්නේය.

දැනට පවතින කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතැම් ප්‍රදේශවලට මද වැසි ආරම්භ වී ඇති බවත් මේ හේතුවෙන් මදුරු ගණත්වය තවදුරටත් වර්ධනය වී පවතින තත්ත්වය තව දුරටත් වර්ධනය වීමේ අවධානමක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බාදකයක් වී ඇත්තේ හිමිකරුවන් නොමැති නිවාස බවත් එහිදී හිමිකරුවන් විදේශගතවූ සහ නගරාශ්‍රිතව ඉඩම් සහ නිවාස මිලදී ගෙන එහි පදිංචිකරුවන් නොමැති ස්ථාන විශාල ගැටලුවක් බවට මේ වන විට පත්ව ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...