spot_img
spot_img

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට

මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් අද (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.

ධාවනය වූ මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක් එකපෙළට අනතුරට ලක්කර ඇති අතර, සිදුවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...