මෙරට ආනයනය කළ BYD වාහනවල ධාරිතාව පිළිබඳ මතු වූ ගැටලුවක් හේතුවෙන් වාහන නිශ්කාශනය කිරීම රේගුව විසින් අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ දී ඇතිකර ගත් එකඟතාවක් මත වාහන 997කට වැඩි ප්‍රමාණයක් මීට පෙර මුදා හැරුණා.
තවත් වාහන 1000ක් පමණ රේගුවේ රඳවා ගැනුණේ ඒ අතුරතුරයි.
කෙසේ වෙතත් පසුව අභියාචනාධිකරණයේ දී ඇති කරගත් එකඟතාවක් අනුව අතිරේක බැඳුම්කරයක් මත එම වාහන මුදා හැරීමට ද රේගුව එකඟ වුණා.
මෙවර රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොගය තුළ ATTO 1 වාහන 200ක්, ATTO 2 වාහන 100ක්, ATTO 3 වාහන 450ක් සහ ඩොල්ෆින් වාහන 250ක් ඇතුළත් වන බව ආරංචිමාර්ග සඳහන් කළා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් BYD විදුලි වාහන සඳහා දේශීය බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ සදහන්කලේ රේගුව විසින් රඳවා ගනු ලබන්නේ තමන් ආනයනය කරන විද්‍යුත් වාහන පමණක් බවයි.
සෙසු විද්‍යුත් වාහන පරික්ෂාවකින් තොරව මුදා හරින රේගුව තමන්ට වෙනස් කොට සලකන බවට ද ඔවුන් පවසනවා.
මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා BYD විදුලි වාහන කාර්ය සාධනය මූලික වශයෙන් වෙනස් කළ හැකි බවට කරන ප්‍රකාශය තාක්ෂණික වශයෙන් වැරදි බව ජෝන් කීල්ස් CG ඔටෝ අවධාරණය කරනවා.
ගෝලීය වශයෙන් කීර්තිමත් නිෂ්පාදකයෙකු ලෙස BYD විසින් තහවුරු කර ඇති පරිදි, විදුලි මෝටරයේ කාර්ය සාධනය හෝ ප්‍රතිදානය කිසිදු ආකාරයක මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හරහා වැඩි දියුණු කළ නොහැකි බව සඳහන් වෙනවා.
අදාළ බලධාරීන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට JKCG කැපවී සිටින අතර ගෝලීය වශයෙන් පිළිගත් නිෂ්පාදකයාගේ පිරිවිතර සහ අනුකූලතා ලියකියවිලි ශ්‍රී ලංකා රේගුවට ලබා දී ඇතැයි ද සමාගම පවසනවා.
සියලුම වාහන ආනයනකරුවන් සඳහා සාධාරණ හා සමාන සැලකීමක් අපේක්ෂා කරන බව ජෝන් කීල්ස් CG ඔටෝ සිය නිවේදනයකක් මගින් අවධාරණය කර තිබෙනවා.
තත්ත්වය කෙසේ වෙතත් දිගින් දිගටම මෙම ගැටලුව පිලිබදව විවිධ අවස්ථාවන් වලදී කථාබහට ලක් වුවද මෙවෙනතුරු එම ගැටලුවට නිසි පිළිතුරක් ලැබී නැහැ.
ලොව විශාලතම EV නිෂ්පාදකයා සපයන ලද සාක්ෂි රේගුව නොසලකා හැරලා
Comments




