spot_img
spot_img

ජනපති පුටුවට දැනට 12ක් සටනට සූදානම්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරු සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.

මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.

අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...