Monday, April 20, 2026
spot_img
spot_img

විදුලි ගාස්තු සංශෝධනය කවද්ද?

2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

“2025 වසරේ දෙවන අර්ධය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත්කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙවත් 18.3%ක වැඩිවීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්‍රියාවලියක් ඒ උපදේශන ක්‍රියාවලිය තුළදී මහජනතාව විසින් ලබාදෙන ලිඛත සහ වාචික අදහස් යෝජනා අධ්‍යනය කිරීම අවසන් අදියරයේ පවතිනවා. ඒ වගේම යෝජනාව ගාස්තු ක්‍රමවේදයට ඇති අනුකූලතාවය පිළිබඳව ඒ සමාලෝචන කටයුතු අවසන් අදියරයේ පවතිනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ සතිව තුළදී ඉදිරි අර්ධය සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු මොනවද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හැකිවේවී යන අපේක්ෂාව තිබෙනවා. මේ සතිය තුළදී බොහෝවිට මේ අවසන් තීන්දුව ප්‍රකාශය පත්කරන්න පුළුවන් වේවී.”

මේ අතර විදුලි බල මණ්ලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගෙන ආ යෝජනාව තුළින් මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විදුලි සේවක සංගමය පවසයි.

එහි ලේකම් එල්.පී.කේ කුමාමුල්ල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් 06කට විකිණීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...