spot_img
spot_img

රට ගිහින් එන විට සල්ලි මාරු කර ගන්න අලුත් තැන් පහකට කොන්ත්‍රාත්තු

කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යයවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටුනායක ගුවන්තොටුපොළෙහි ජාත්‍යන්තර පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සීමිත තරඟකාරී ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත්ව තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත වසර තුනක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

කවුන්ටර අංක 01 සම්පත් බැංකුව, අංක 02 මහජන බැංකුවට, අංක 03 කොමර්ෂල් බැංකුව, අංක 04 තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් අංක 05 ලංකා බැංකුව වෙත මේ අනුව ලබා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...