අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත සඳහන් කළේ, සමගි ජන බලවේගයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම මෙලෙස තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවයි.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වැනිදා ඇප මත මුදාහරිනු ලැබුවා.
Comments




