spot_img
spot_img

ඓතිහාසිගත වාර්තාවක් තැබූ කොළඹ කොටස් වෙළඳපොල

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් හේතුවුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමන් බෙහෙවින් දායක වුණි.

මේ අතර අද දින රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

 

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...