spot_img
spot_img

කොළඹ කොටස් කණපිට පෙරළෙයි – ආරම්භ කළ පළමු පැයේම ගනුදෙනුකරුවන් මවිත කරමින් දැවැන්ත පිම්මක්

අමෙරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, අද (15) දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වී ඉතා කෙටි වේලාවක් ඇතුළත සියලුම දර්ශකයන් ශීඝ්‍ර අගයකින් ඉහළ යමින් සුවිශේෂී ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝලීය දේශපාලනික ස්ථාවරත්වය පිළිබඳ ඇති වූ නව බලාපොරොත්තු සහගත තත්ත්වය හමුවේ ආයෝජකයින් දැක්වූ දැඩි උනන්දුව හේතුවෙන්, පෙරවරු 09:30 ට ගනුදෙනු ආරම්භ වූ සැනින් කොටස් වෙළඳපොළ ඉහළ යන ආකාරයක් නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම පෙරවරු 10:31 වන විට වාර්තා වූ දත්ත අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 686.99 කින් (3.18% කින්) ඉහළ ගොස් ඇත.

ඒ ඒකක 22,324.42 ක් වශයෙන් සටහන් කරමින්.

මේ අතර ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 15 ක කාලය තුළ (පෙරවරු 09:45 වන විට) දර්ශකයන් සිය උපරිම අගයන් කරා ළඟා විය.

පසුව දහවල් වන තෙක්ම එම ඉහළ අගයන් ස්ථාවරව පවත්වා ගැනීමට වෙළඳපොළ සමත්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...