රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ සිදු වූ බව කියන වධ හිංසා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය සඳහා සුරේෂ් සලේගේ බිරිඳ, ඔහුගේ නීතීඥ මඩුල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කොමිසම වෙත කැඳවා තිබෙනවා.
සුරේෂ් සලේව පසුගිය මාර්තු 08 වැනිදා අනෙකුත් සියලුම රැඳවියන් ඉදිරියේ ශරීර පරීක්ෂාවකට ලක් කළ බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිගත් බවයි සුරේෂ් සලේ වෙනුවෙන් පැමිණි නිතීඥ මඬුල්ල පැවසුවේ.
ඒ අනුව මෙවැනි සෝදිසි කිරීම්වල සම්මත ක්‍රියා පටිපාටිය,2026 වසර තුළ සිදු කරන ලද සෝදිසි කිරීම්වලට අදාල වාර්තා හා CCTV දර්ශන ,මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ සෝදිසි කිරීමට ලක් කළ නිලධාරීන්ගේ නම් සහ රැඳවුම් නියෝගයට අදාළ ලේඛන ලබන 26 දිනට පෙර ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.




