spot_img
spot_img

විය­දම් වාර්තා නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042කට නඩු – පක්ෂ ලේකම්වරු-ස්වාධීන කණ්ඩායම් 197කුත් ඒ අතර

පැවති මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව ආදා­යම් විය­දම් වාර්තා නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042 දෙන­කු­ටත් පක්ෂ ලේක­ම්ව­රුන්, ස්වාධීන කණ්ඩා­යම් 197 දෙන­කු­ටත් එරෙ­හිව පැවැ­ත්වෙන විම­ර්ශන උද්ධෘ­ත­යන් ලබන 31 වැනි­දාට ප්‍රථම නීති­පති උප­දෙස් සඳහා යොමු කරන ලෙස සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන්, නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන් හා කොට්ඨාස භාර නිල­ධා­රීන් වෙත වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා දැනුම් දී තිබේ.

2023 අංක 3 දරන මැති­ව­රණ විය­දම් නියා­ම­නය කිරීමේ පනත ප්‍රකා­රව මැති­ව­ර­ණ­යක ප්‍රති­ඵල නිකුත් කර දින 21ක් ඇතු­ළත පිළි­ගත් දේශ­පා­ලන පක්ෂයේ, ස්වාධීන කණ්ඩා­යමේ හෝ අපේ­ක්ෂ­ක­යාගේ ආදා­යම් විය­දම් සම්බ­න්ධ­යෙන් වාර්තා මැති­ව­රණ කොට්ඨා­සයේ තේරීම් භාර නිල­ධා­රියා වෙත භාර දීම සිදු කළ යුතුය.

නමුත් 2014 මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව ආදා­යම් විය­දම වාර්තා මෙතෙක් භාර නොදුන් අපේ­ක්ෂ­ක­යන් 1042කගේ සහ පක්ෂ ලේක­ම්ව­රුන් හා ස්වාධීන කණ්ඩා­යම් නාය­ක­යන් 197 දෙනකු සම්බ­න්ධ­යෙන් විස්තර වාර්තා­වක් මැති­ව­රණ කොමි­සම මඟින් වැඩබලන පොලි­ස්ප­ති­ව­රයා වෙත යොමු කර තිබිණි.

එම වග­උ­ත්ත­ර­ක­රු­වන්ට අදාළ මැති­ව­රණ කොට්ඨා­ස­ව­ලට අයත් පොලිස් කොට්ඨා­ස­යන්හි කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය මඟින් නියෝජ්‍ය පොලි­ස්පති නීති දිසා­වගේ අධී­ක්ෂ­ණය යටතේ විම­ර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලි­ස්ප­ති­ව­රයා උප­දෙස් දී තිබිණි.

ඒ අනුව මේ මස 31 වැනි­දාට පෙර එකී විම­ර්ශන උද්ධෘත සකස් කර නීති­පති උප­දෙස් සඳහා යොමු කරන ලෙස වැඩබලන පොලි­ස්ප­ති­ව­රයා උප­දෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය. එසේ නීති­ප­ති­ව­ර­යාට උද්ධෘත යොමු කිරී­මෙන් අන­තු­රුව එක් එක් අපේ­ක්ෂ­ක­යන්ට 31 වැනි­දා­යින් පසු නඩු පැව­රෙණු ඇතැයි පොලී­සිය කියයි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...