spot_img
spot_img

ලාංකික තරුණයෙක් ලෝකයේ හොඳම කෝකියා වෙයි

ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුළන සූපශාස්ත්‍ර තරඟාවලියක් වන බ්‍රිතාන්‍ය MasterChef හි ශූරතාවය දිනා ගැනීමට ලාංකික දමිළ තරුණයෙකු වන බ්‍රින් පිරතාබන් සමත්ව තිබෙනවා.

29 හැවිරිදි බ්‍රින් මෙම තරඟාවලියට ඉදිරිපත්වීමට පෙර බ්‍රිස්ටල්හි පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබීමද විශේෂත්වයක්.

BBC TV විසින් මෙම තරඟාවලිය සංවිධාන කර තිබුණේ, 20 වැනි වරටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර මෙම තරඟාවලිය සඳහා තරගකරුවන් 57 දෙනෙකු එක්ව සිටි බවයි.

තමා කුඩා වියෙහි සිට මාස්ටර් චෙෆ් වැඩසටහන නැරඹූ බවත් ආහාර පිසීමට එක් හේතුවක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකි බවත් ඔහු ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“ලාංකික දමිළ සමාජයෙන් පැමිණෙන මට කිසිම දිනෙක නීරස ආහාර ගන්නට ලැබුනේ නැහැ. සෑම දවසකම වගේ අපේ කෑම මේසය පිරී තිබුණේ ප්‍රනීත ආහාරවලින්. මම හිතන්නේ මාව නිර්මාණය වෙන්නේ, මගේ පසුබිම. සංස්කෘතිය වගේම දෙමව්පියන් මට ලබා දුන් අවස්ථාවල එකතුවෙන්. එයාල මට දුන්න සහයෝගය ඉතාමත් වැදගත්. මේ ජයග්‍රහණය ඔවුන් වෙනුවෙනුත් ලබා ගත් එකක් විදියට මම දකිනවා”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...