spot_img
spot_img

Breaking; ඌව ආණ්ඩුකාර මුසම්මිල් සජිත් ළඟට

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ, තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ, තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි.

මුසම්මිල් මහතා 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළා.

එසේම 2017 – 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.

අනතුරුව ඔහුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු ව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...