ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් අපහාසාත්මකවන ආකාරයට ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත වසර 04ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියමකර තිබෙනවා.
එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබුවා.
2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණා.




