spot_img
spot_img

Breaking : පළාත් පාලන ඡන්දය ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දුන්නා.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසික අයදුම්පත් කොමිෂන් සභාව විසින් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එමෙන්ම 2024 ජූලි මස 26 වන දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව 2024 සැප්තැම්බර් මස 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ඒ වන විටත් සිදු කෙරෙමින් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව අවශ්‍ය කටයුතු සිදු කළ බවද සඳහන්.

ඒ අනුව,  පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර මීට පෙර තීරණය කළ පරිදි ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...