බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි මූලස්ථානය ගිනි තබා තිබෙනවා.
කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් එම ගොඩනැඟිල්ල තුළ සිර වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි.




