ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.
වෛද්‍ය කපිල වික්‍රමනාය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.




