spot_img
spot_img

දඹදිව වන්දනාවේ යන්න බලන් හිටපු අයට නරක ආරංචියක්

දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලබාදී තිබූ මසක සහන වීසා පහසුකම් මේ වනවිට නතර කර තිබීම නිසා දඹදිව වන්දනාකරුවන් මෙන්ම මෙරට විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ද අසීරුතාවකට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉකුත් 14 වැනිදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“දඹදිව වන්දනාකරුවන් සඳහා ඉන්දීය රජය දීර්ඝ කාලයක් තිස්සේ නිදහස්‍ වීසා බලපත්‍ර ලබා දුන්නා. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විදෙස් බෞද්ධ චාරිකා සංවිධායකයන් වන්දනාකරුවන්ගේ ලියකියවිලි රැගෙන ආ විට වීසා බලපත්‍ර ලබා ගැනීමට හැකියාව තිබුණා. එහෙත් දැනට මාස තුන හතරක කාලයක ඉඳලා නිදහස් සහන වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්දියාවට යන කෙනෙකු මෙන් වන්දනාකරුවන්ද තමාම කොළඹට පැමිණ වීසා ලබා ගත යුතුයි. සහන ක්‍රමය යටතේ තිබූ රුපි‍යල් 3875ක වීසා ගාස්තුව වෙනුවට මේ තත්ත්වය හමුවේ රුපි‍යල් 9850 ගෙවීමට සිදුවෙලා. අනෙක් ගැටලුව වෙනදා මුළු කණ්ඩායම වෙනුවෙන් චාරිකා සංවිධායකයන් වීසා බලපත් ලබාගෙන ගියා.”

එමෙන්ම හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ දිනෙන් දින ඉහළ යන වියදම් හමුවේ මේ වන විට දඹදිව වන්දනා ගමන් අතහැර දමා ඇති බැවින් බෞද්ධ චාරිකා සංවිධායක ආයතනවල සේවකයන්ගේ රැකියා පවා අර්බුදයක පවතින බවය.

එබැවින් ඉන්දියානු ජාතිකයන් සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදී ඇති පසුබිමක මෙරට දඹදිව වන්දනාකරුවන් සඳහා මසක සහන වීසා පහසුකම් ලබා ගැනීමට රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...